見出し画像

ව්‍යවසායකත්ව ජීවිතය



ආරම්භය  සැම විටම අමාරුයි, අරම්භ කරපු දේවල් පවත්වාගෙන ‍යෑම ඊට වඩා අමරුයි. Onepay පටන් ගන්ත කාලේ easter attack එක නිසා මාස ගනනකට වැඩ පරක්කු වීමත් සමහ ආරම්භ කරපු ගමන ගොඩක් අමාරු උනා. මොක්ද මම tech background එකක් තිබ්බ කෙනෙක් නෙමෙයි. තිබ්බ එකම දෙය තමයි passion එක සහ persistent efforts එක විතරයි. අපේම වාසනාවට අපිට හොද team එකක් සෙට් උනා. කාලයත් එක්කම failires / decision making issues ගොඩක් ඇතිඋනා. Team එකේ හැමෝගෙම උදවුව මත අපි බලාපොරොත්තු උනු product එක හදල එක release කරන දිනය වෙනකොට corona නිසා රට වැහුව. Release date එක මාස 6 කට වගේ පරක්කු උනා. Team එකක් වගේ වැඩ කරපු අපි පුරුදු නැති work from home කරන්ඩ පටන් ගත්ත. 

හැම දෙයක්ම අපි හිතන විදිහට වෙන්නේ නෑ. ඒකයි තමයි යතාර්ථය. 

මාස 6 ට පසු අපි බලාපොරොත්තු උන විදිහේ release එකක් කරන්ඩ පුලුවන් උනා. නන් අයුරින් උදවු කරපු සියලුම දේනා එකම තැනකට ගෙනත් පොඩි සංග්‍රහයක් කරල ස්තුතියි කරන්ඩ පුලුවන් උන එක ගැන අදටත් ගොඩක් සතුටුයි. ඒ හැම දෙයක්ම කරගන්ඩ හම්බුනේ අපේ team එකේ කැප වීම සහ උනන්දුව මතයි. 

තව කෙනෙක්ගේ මුදල් එයා වෙනුවෙන් තවත් භාණ්ඩයකට හෝ සේවාවකට ගෙවීම පොඩි දෙයක් වගේ පෙනුනට, අපි සෑම මොහොතකම මුදල් ගෙවන පුද්ගලය එහෙම නැත්නම් consumer සහ මුදල් ලබාගන්නා එහෙම නැත්නම් business එක ආරක්ශාකාරීව මුදල් ලබාගැනීමට උදවු කිරීම තමයි අපේ මූලික පරමාර්ථය. එම දත්ත ආරක්ශාකාරීව ගබඩා කිරීම එය අපේ standards නෙව ලෝකයේ සම්මතයන් වලට කරන්ඩ ඕන නිසා අපි ISO27001 වගේ තත්ව සහතිකයක් ගන්ඩ තීරණය කරා. Startup එකකට ලබා ගැනීම සහ එයට යන ආයෝජනය ඉතාමත් වැඩි. ඊට වඩා අපි සැළකිලිමත් වෙන්ඩ ඕනේ senstive data වල ආරක්ශාව. මොකද එම දත්ත ඒ තරමටම senative නිසා.  

Corona එකත් එක්ක user behavior. සහ business behavior ගොඩක් වෙනස් උනා, face to face transactions කරපු අය online කරන්ඩත්, එදිනෙදා බඩු online එකෙන් order කරන්ඩත්, online tution ගන්ඩත් පුරුදු උනා. 

ඒකත් එක්කම අපිත් pivot උනා. Market එකේ තියන problems , opportunities සහ gaps හොදට පේන්ඩ ගත්තා. Pivot කියන වචනය ලස්සන උනාට ඒකෙන් ගොඩක් දේවල් වෙන්ඩ පුලුවන්. ඒ කියන්නේ do or die situation එකක්, හොදට ගියොත් හොදයි එහෙම නැත්නම් සියදිව් හානි කර ගැනීමක් වගේ දෙයක්. 

High risk, high return වගේම low risk low return කියල දෙයක් තියනව, මගේ university එකේ lecture නිතර කියනව. Life එකත් එහෙමයි අපිගන්න ගැම තීරනයකම දෙපැත්තක් තියනව, මොකක් උනත් අපි මුහුන දෙන්ඩ ඕනේ, සහ එ හැම දේකටම වගකීම භාර ගන්ඩත් ඕනේ. 

Product planing/ desining / developing වලට onepay ටීම් එක වගේම ඒ හා සම්බන්ධ හසල දැනුමක් තියන ගොඩක් අය උදවු කරා. මොකද red ocen market එකකට enter වෙනව කියන්නේ හැම දෙයක් වගේම consider කරන්ඩ ඕනේ, USPs කියන ඒව ගොඩක් වැදගත්. අපේ service එක තෝරගන්ඩ හේතුවක් හදන්ඩ ඕනේ. Industry එකේ කියන දෙයක් තමයි zero to one කියන එක, කොහොමද one හදන්නේ කියන එක සහ one එක 100 කරන්නේ කොහොමද කියන එක. බිංදුවෙ ඉදල එක හදන්ඩ පුලුවන් අයත් ඒක 100 කරන්ඩ පුලුවන් අය කියන්නේ ගොඩක් වෙනසක් strategy එකක් ඔලුවෙ තියන අය. 

මාස 6ක් වගේ කාලයකින් අපි බලාපොරොත්තු උනු product එක release කරා. උත්සව නැතත් අපේ team එකේ කැපවීම මත soft launch එකක් කරා. ඒ හැම දෙයක්ම හොදින් උනා. මේ මාස 6ට team එකේ හැමෝටම හරියට නින්දක්වත් තියෙන්ඩ නැතුව ඇති. මොකද ඒ තරම් presure එකක් තිබ්බේ. 

ඔහොම යනකොට payment options /plugins/ SDK සහ banking partnership වලට ආරාධනා 
ලැබුනා. Merchants ල 500 ය 1000 උනා transactions volume එක හැම මාසෙකම ඉතාමත් ලොකුවට වැඩි වෙන්ඩ ගත්තා. Market එකේ ගොඩක් අය ගොඩක් ලොකුවට කතා කරන්ඩ ගත්තා. Stakeholders ලත් ගොඩක් සතුටු වුනා. 

ගොඩක් අයගෙන් නොයෙක් විදිහේ අදහස් යෝජනා චෝදනා එන්ඩ පටන් ගත්ත සමරහ අය review වලින් සපෝට් එකක් දුන්නා. අපි ගොඩක්ම customer සහ merchant centric ඒක නිසා ලැබෙන් හැම අදහසකින්ම කල්පනා කරේ client ගේ පහසුවට improvements කරන්ඩ. Improvements වගේම distruptive innovations කියන එක tech startup එකට ගොඩක් වැදගත්. 

ලංකාවේ ගොඩක් ව්‍යාපාර වලට පුලුවන් හැම ආකරයෙන්ම උදවු කරල රටේ කොදු නාරටිය වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වලට සහය දීම තමයි අපේ එකම සතුට සහ බලාපොරොත්තුව. 

මාස 8ක සාර්ථක ගමනක් අතර තුර නොසිතූ ආකරයෙන රටේ ආර්ථික ප්‍රශ්නය වැඩි වෙලා කරන්ට් කැපීම සහ ගමනාගමනය ඇතුලු නොයෙක් ආකාරයේ  බාදක වැඩි වෙලා, රටේ පොඩි business වැටිල සේවකයන්ගේ රැකියා අහිමි වීම්ද ඇති වුන පසුබිමක් නිර්මානය වෙලා තියන්නේ. 

රටේ මිනිස්සු ගැනත් ව්‍යාපාර හැනත් ලොකු දුකක් හිතේ තියනව. 

රටට අවශ්‍ය ඩොලර් සොයන මෙහෙයුමේ onepay විදිහට අපි උපරිම සහයෝගය දෙනව වගේම ව්‍යවසායකයින් දිරිගැන්වීම් යනාදී වැඩ සටහන් වලටද හැකි උපරීම ආකරයෙන් උදවු දෙන්ඩ අපි තීරණය කරල තියන්නේ. 

ජාතියක් විදිහට ගොඩක් වැටුණු අය අපි. ගැම වෙලාවකම එක් එක් දේවල් නිසා හොද jump එකක් ගන්ඩ බැරි උනා. මේපාර ඒක ගන්ඩ පුලුවන් වෙනව කියන එක ලොකු විස්වාසයක් තියනව. ඒකට හොද plan එකක් ඕනේ. 

ඒවගේම onepay අපිට අලුත් challenge එකක් අපි එනකන් බලන් ඉන්නව, ලංකීය දෙයක් තවත් රටකට රැගෙන යන අභිමානය .....  

the crisis has created an opportunity

මගේ පවුද්ගලීකව මතය තමයි, සෑම මුණ ගැගීමකටම meaning එකක් තියනව. චේතනාව හොදනම් කවදාවත් වරදින්නේ නෑ. මම විස්වාස කරන දෙවියන් වහන්සේගේ උදවුවෙන් ගොඩක් දේවල් සාර්ථක කරගන්ඩ පුලුවන් උනා. ඉදිරියටත් එහෙමයි. 

ආයතනයක් විදිහට , ලංකාවේ හොදම සේවා සපයන ආයතන වීම තමයි අපේ එකම අරමුන. ලොකු dream එකක් හැබැයි එතනට යන්ඩ අමාරු නැහැ කියන එකයි අපේ හැගීම.  Onepay හරහා direct or indirect රැකියා 30ක් වත් මෙම අවුරුද්දේ ඇති කිරීමට උපරිම ශක්තිය ‍යොදවනව. 

#onepay team එකේ හැමෝගෙම උත්සාහ උනන්දුව කැපීම නිසයි අද ලංකාවේ onepay කියන වෙළඳ නාමය popular වෙලා තියන්නේ. හැමෝටම හොඩක් ස්තුතියි 

If you want to go fast, go alone. If you want to go far, go together.

この記事が気に入ったらサポートをしてみませんか?